කිලෝග්රෑම් 12.5 ක් වන ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල තවත් රුපියල් 291 කින් ඉහළ දැමීමට අවසර ලබාදෙන ලෙස එම සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත.
නව ඉල්ලීම අනුව ගෑස් මිල වැඩි කිරීමට අවසර ලබාදුනහොත් කිලෝග්රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2147 ක් සහ කිලෝග්රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 858 දක්වා ඉහළ යනු ඇත.
පසුගිය මාසයේදී රට තුළ ගෑස් හිඟයක් මතුව තිබූ අතර අගෝස්තු මැද භාගයේදී ලාෆ් ගෑස් කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ද, එම වර්ගයේ කිලෝ 05 ක ගෑස් සිලිඩරයක මිල රුපියල් 145 කින් ඉහළ දැමීමට රජය අවසර ලබාදී තිබිණි.