ජීවිතක්ෂයට පත්වූ අවසන් කොරෝනා රෝගීන් දෙදෙනාටම එම ඉරණම අත්ව තිබෙන්නේ රෝගය වසන්කර ගෙන සිටීම හේතුවෙනුයි.
කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් වහාම දැනුවත් කරන ලෙස සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නිරන්තරයෙන් ප්‍රකාශ කරනවා.
රෝගය වසන්කරගෙන සිටීමෙන් එම රෝගියාට පමණක් නොව පවුලේ පිරිසට ඔහු ඇසුරුකළ බොහෝ දෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය හැකි බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.