වර්ෂ 2005 දී රෝයල් පාක් තට්ටු නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික තරුණියක් වූ ඊවෝන් ජොන්සන් ඝාතනය කිරීමේ වරදට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින ජූඩ් ශ්‍රමන්ත ඇන්තනී ජයමහ නැමැති අයට ජනාධිපති සමාව ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබේ.

කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටි ජූඩ් ශ්‍රමන්ත මෙම සමාව ලබා දෙන ලේඛන බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ඊයේ ලැබී ඇති අතර

වර්ෂ 2005 දී සිදු වූ මෙම කෲර ඝාතනයට වරදකරු කරමින්යු කොළඹ මහාධීකරණය ජූඩ්ක්ති ශ්‍රමන්තට වසර 12 ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් ලබා දුන් අතර එකී දඩුවම ප්‍රමාණවත් නොවන බව පවසමින් පැමිණිලිකරුවන් හා නීතිපතිවරයා අභියාචනාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව වර්ෂ 2012 දී ජූඩ් ශ්‍රමන්තට මහාධිකරණය ලබා දුන් වසර 12 ක බරපතළ වැඩ සහිත සිර දඩුවම වෙනස් කරමින් අභියාචනාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කල අතර ජූඩ් ශ්‍රමන්ත විසින් සිදු කරන ලද අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයද ප්‍රතික්ෂේප කරන ලදී.

මෙකී නඩුවේ රජය වෙනුවෙන් අභිචෝදක නීතිඥවරයා ලෙස කටයුතු කළේ වත්මන් අගවිනිසුරු එවක අතිරේක සොලිසිටර් ජනරාල් ජයන්ත ජයසූරිය මහතායි.

ඊවෝන් ජොන්සන් තරුණියගේ සහෝදරිය මෙම ජනාධිපති සමාව ලබා නොදෙන ලෙස ඉල්ලා සිටිමින් හා මෙම සිදුවීමේ කෲරත්වය හා ඊට පසු ඔවුන්ට ඇති වූ හිත් රිදීම් හා කරදරත් යුක්තිය ඉටු කර ගැනීමේදී සිදු වූ බාධාත් විස්තර කරමින් ලිපියක් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.

 

 

 

 

More Stories