පවතින බදුවලට අමතරව ලබන වසරේ සිට රජයට රුපියල් 30,000 ක් ලබා දීමට පුරවැසියන්ට සිදු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ ලබන වසරේ සිට එකතු කළ අගය මත බද්ද (VAT) වැඩි කිරීමට රජය ගත් තීරණයේ ප්‍රතිඵලයක් ලෙස මෙම අතිරේක බදු ගෙවීමට සිදු වන බවයි.

2024 වසර සඳහා වන බදු ඉලක්ක සපුරා ගැනීම සඳහා රජය මෙම තීරණය ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

එය සාක්ෂාත් කර ගැනීම සඳහා මීට පෙර බදුවලින් නිදහස් කළ තවත් භාණ්ඩ කිහිපයක් සඳහා බදු පැනවීම රජයේ අරමුණ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

More Stories