පිලියන්දල නගරය හරහා ගමනාගමන සහ නගරයට ඇතුළු විම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේ පවතින කොරෝනා ව්‍යාප්ති තත්වය යටතේ මෙම පියවර ගත් බවයි.
පිළියන්දල පොලිස් බල ප්රදේහයේ මාම්පේ බටහිර සහ කොලමුන්න ග්‍රාම නිලධාරී වසම් අද පෙරවරු සිට හුදෙකලා කිරීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.
පැතිර යන කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයිනේ තවත් දිස්ත්‍රික්ක 06 ක ග්‍රාම නිලධාරී වසම් 14 ක් අද (12) උදෑසන 6 සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
එසේම , ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 3ක් හුදකලාභාවයෙන් ඉවත් කළ බව යුධහමුදාපති වරයා සඳහන් කළේ ය.
ඒ අනුව හුදකලා කළ ප්‍රදේශ වන්නේ,
කොළඹ දිස්ත්‍රික්කයේ
- පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ, කොලමුන්න, මාම්පේ බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශ
ගම්පහ දිස්ත්‍රික්කයේ
- මහබාගේ පොලිස් බලප්‍රදේශයේ, ඇලපිටවල නවම් මහර ගම, මඟුල් පොකුණ ගමේ මඟුල් පොකුර පාර
ගාල්ල දිස්ත්‍රික්කයේ
- ඉමදූව පොලිස් බලප්‍රදේශයේ, දික්කුඹුර ගාම නිලධාරීන් නිලධාරී කොට්ඨාශය, අහංගම පොලිස් බලප්‍රදේශයේ, අටානිකිත ග්‍රාම නිලධාරී කොට්ඨාශය,
රත්නපුර දිස්ත්‍රික්කයේ
- පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ, සන්නස්ගම, දොඩගස්වින්න, ගොඩගම ග්‍රාම නිලධාරී කොට්ඨාශ, කහවත්ත පොලිස් බලප්‍රදේශයේ, කට්ටංගේ අංක 3 කොටස,
හම්බන්තොට දිස්ත්‍රික්කයේ
- සූරියවැව පොලිස් බලප්‍රදේශයේ, සුරියවැව නගරය,
කෑගල්ල දිස්ත්‍රික්කයේ
- බුලත්කොහුපිටිය පොලිස් බලප්‍රදේශයේ උඩපොත, කැන්දාව ග්‍රාම නිළධාරි කොට්ඨාශ
හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ වන්නේ,
ගම්පහ දිස්ත්‍රික්කයේ
- කොටදෙණියව පොලිස් බල ප්‍රදේශයේ, කළුඅග්ගල, පොල්හේන ග්‍රාම නිලධාරි වසම්,
කළුතර දිස්ත්‍රික්කයේ
- දොඩන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ අධිකාරීගොඩ ග්‍රාම නිලධාරී කොඨාශය වේ.