එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (United Nations Food and Agriculture Organization) මඟින් පාංශු සම්පත ආරක්ෂා කිරීම සහ තිරසාර ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් සෑම වසරකම දෙසැම්බර් 05 වන දින ලෝක පාංශු දිනය සමරනු ලබයි.
මෙම දිනය සැමරීම පිළිබඳව ජාත්‍යන්තර පාංශු විද්‍යා සංගමය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන්ට 2013 පැවති එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන සමුළුවේදී අනුමැතිය ලබාදී තිබේ.
එමෙන්ම, මෙම දිනය සැමරීම 2013 දෙසැම්බර් මස පැවති 68 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදීත් අනුමත කර තිබීම විශේෂත්වයකි.