freefom-dy

“ඩිජිටල් බලපෑම හමුවේ පුවත්පත් කලාව” යන්න මෙවර එහි තේමාවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1993 වසරේ සිට සෑම වසරකම මැයි මස 03 වනදා ලෝක මාධ්‍ය නිදහස් දිනය ලෙස නම් කර තිබේ.

ලොව පුරා මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම, එහි වටිනාකම පෙන්වා දීම, රාජකාරියට සම්බන්ධව ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් සිහිපත් කිරීම මෙම දිනය නම් කිරීමේ අරමුණු අතර වේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසෝලේ පවසන්නේ ඩිජිටල් යුගයේ අවධානම විසදීමට සහ අවස්ථාවන් ප්‍රායෝජනයට ගැනීමට සියලුදෙනා වැඩියමක් සිදුකළ යුතු බවය.

Similar Posts