world health organization latest news

නව කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් පහව නොගොස්, HIV වැනි නිශ්චිත පුද්ගලයින් කොට්ඨාසයක පැතිරෙන වෛරසයක් ලෙස හෝ පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

නව කොරෝනා වෛරසය කොපමණ කලක් ලොව තුළ සංසරණය වේදැයි ඉදිරිපත් වන සමීක්ෂණ වාර්තා පිළිගත නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

රෝගය සමග සාර්ථකව කටයුතු කිරීමට නම් ලෝකයට යම් පාලනයක් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මයික් රයන් පවසයි.

ලෝකයේ වෙනත් රටවල රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින මොහොතක මෙරට රෝගීන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසනවා.

සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම වැනි සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් ජීවිතයේ අංගයක් කර ගත යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ.

More Stories