ජාතික වකුගඩු රෝහල ඇතුලු දිවයිනේ අනෙකුත් වකුගඩු රෝහල් වල පවතින ඖෂධ හිඟය හේතුවෙන් ඉදිරියේදී ශල්‍යකර්ම නැවතීමේ අවදානමක් මතුව තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, ඖෂධ තොග නිසි පරිදි පවත්වාගෙන නොයාම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.

එමෙන්ම සෞඛ්‍ය බලධාරීන් හදිසි ඖෂධ මිලදී ගැනීමකට සැරසෙන බවද ඔහු සඳහන් කරයි.

Similar Posts