වගා හානි වන්දි ලබා දීමේ දී දැනට අක්කරයක් සඳහා රජය විසින් නොමිලයේ ගෙවනු ලබන රුපියල් 40,000ක මුදල රුපියල් 100,000ක් දක්වා වැඩි කරන්නැයි පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානය  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සාමාජිකයින් පිරිසක්  කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයා හමු වී ගොවි ගැටළු පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී එම ගොවි සංවිධානය විසින් අමාත්‍යවරයා වෙත යෝජනා මාලාවක් ද ඉදිරිපත් කරනලදි.

ඔවුන් විසින් ඉදිරිපත් කළ යෝජනා අතර ප්‍රමුඛ යෝජනාවක් වුයේ මේ වනවිට සෑම වසරකම නියඟය, ගංවතුර සහ වනසතුන්ගෙන් සිදුවන වගා හානි ඉහළ යමින් පවතින නිසා වගා හානියක දී දැනට අක්කරයක් සඳහා රජය විසින් කිසිදු දායකත්ව මුදලක් ලබා නොගනිමින් ගෙවනු ලබන රුපියල් 40,000ක වන්දි මුදල රුපියල් 100,000ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙසයි.

Similar Posts