Tea labour jobs Tea labour pdf tea plantation workers in sri lanka living conditions of tea plantation workers tea plantation workers problems estate workers in sri lanka tea pluckers in sri lanka story of estate labour in sri lanka

වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමේ තීරණය මීළඟ මාසයේ සිට සියලු වතු හාම්පුතුන් ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ අවම වැටුප ලබා නොදෙන වතු යළි රජයට පවරාගෙන නියමිත පරිදි කටයුතු කරන අයට ඒවා පවරන බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පවසයි.

ඇල්පිටිය තේ වතු කර්මාන්තයේ නියැළෙන්නන් සඳහා දායක වන පිරිස් වෙත වතු කම්කරු වැටුප ඉහළ දැමීම පිළිබඳ දැනුම් දීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

කුඩා තේ වතු හිමියන් මේ වන විටත් නියම කර ඇති අවම වැටුපට වඩා වැඩි මුදලක් ගෙවන බවත්, රජයට අයත්ව තිබී පුද්ගලික අංශයට පවරා ඇති ප්‍රාදේශීය වතු සමාගම්වල මෙම වැටුප් වැඩි කිරීමට අදාළ ගැටලුව පවතින බවත් ඔහු මෙහිදී පැවසුවේය.

මෙසේ අවම වැටුප ක්‍රියාත්මක නොකරන වතු සමාගම් මෙලෙස නැවත රජයට පවරාගෙන, නිසි පරිදි ඒවා ක්‍රියාත්මක කළ හැකි අයට ලබාදීම සඳහා වන මූලික පනත සකස් කිරීමේ තීරණය ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී ගත් බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

More Stories