ජනාධිපතිට හා රජයට ඉවත් වන ලෙස බල කරමින් වතු කරයේ වතු කම්කරුවන් පිරිසක් 20වන දින හැටන් නගර මධ්‍යයේ විරෝධතාවයක් පවත්වන ලදි.

දික්ඔය වනරාජ යන වතුවල වතු කම්කරුවන් පිරිසක් දික්ඔය නගරයේ සිට හැටන් නගරයට පාගමනින් පැමින හැටන් නගරයේදි මාර්ගය අවහිර කරමින් ටයර් පුලුස්සමින් මෙසේ උද්ගෝෂනයක නිරත විය.

මෙම උද්ගෝෂනය හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක්ද පැවති අතර සමහර රථ වාහන විකල්ප මාර්ග ඔස්සේ හරවා යැවිමට හැටන් පොලිසියේ නිලධාරින් විසින් පියවර ගන්නා ලදි.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts