වතු කම්කරුවන්ගේ ආරක්ෂාව පිලිබදව වතු සමාගම් මේ වන විට කිසිදු පියවරක් නොගන්නා බවත් මේ පිලිබදව වතු සමාගම්වලට එරෙහිව ඉදිරියේදි නඩු පැවරිමට පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් අංක 01 කණ්ඩායම් නායිකා අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසයි.
තලවාකැලේ ටි. ආර්. අයි. ශාන්ත කුම්බස් වතුයායේදි 02වන දින එල්ලවු බබර ප්‍රහාරයෙන් මිය ගිය කාන්තාවගේ දේහයට අවසන් ගෞරව දැක්විමට පැමිනි අවස්ථාවේදි මේ බව පවසන ලදි.
තලවාකැලේ ටි. ආර්. අයි ශාන්ත කුම්බස් වතුයායේ 02වන දින සිදුවු බබර ප්‍රහාරයෙන් මිය ගිය සිවු දරු මව වන අවුරුදුජ 59ක් වයසැති හලිමා බීබී මහත්මියගේ අවසන් කටයුතු 03වන දින සිදු කරන ලද අතර එම බබර ප්‍රහාරයෙන් තවත් පිරිමි තුන් දෙනකු හා කාන්තාවන් හතර දෙනකු තුවාල ලබා රෝහල් ගත කරන ලදි
.මෙහිදි වැඩි දුරටත් කතා කල අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය මේ වතු සමාගම් වතු කම්කරුවන් පිලිබදව කිසිදු වගකිමකින් තොරවයි මේ වන විට කටයුතු කරන්නේ එම තත්වයන් මත මෙයට එරෙහිව ඉදිරියේදි නිතිමය පියවර ගැනිමට පියවර ගන්නවා.
මෙහිදි අදහස් දැක්වු එක්සත් ලංකා කම්කරු සංගමයේ මහ ලේකම් එස්. සදාසිවම් මහතා වතු සමාගම් වතු කම්කරුවන් සදහාආරක්ෂාව සැලසිය යුතු වුවත් මේ වන විට එය සිදුවන්නේ නැහැ අද වන විට සමහර වතු කැලැ වැදිලා එම තත්වයන් මත වතු කම්කරුවන් විවිධ තර්ජනවලට මුහුණ දෙනවා.
එක් පැත්තකින් වතු කම්කරුවන් බබර ප්රහාරයන්ට ලක්වන අතර තවත් පැත්තකින් මේ වතු තුල දිවියන්ද සැරි සැරිමත් සමග එයින්ද වතු කම්කරු ජිවිත වලට විවිධ ත.ර්ජන පවතිනවා මෙම තත්වයන්ට එරෙහිව ඉදිරියේදි වෘත්තිය සමිති ක්‍රියා මාර්ග ගැනිමටත් අපි කටයුතු කරනවා.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්