වතු ප්‍රජාවගේ දැවෙන ප්‍රශ්න මේ වන විට උග්‍ර තත්වයන්ට පත් වෙලා තියෙන්නේ අපිට මතකයි පසුගිය කාලයේ වතු කම්කරු වැටුප් වැඩි කරන්න කියලා විවිධ උද්ගෝෂණ වැඩ වර්ජන ආදිය පැවැත්වුවා මේ වතු ප්‍රජාව ගත් විට නුවරඑළිය, බදුල්ල වැනි උඩරට ප්‍රදේශවල මෙන්ම පහත රට සඹරගමුව වැනි පලාත්වල වතු ප්‍රජාවත් මේ වන විට විවිධ ප්‍රශ්ණවලින් මිරිකිලා ඉන්නේ එත් මේ වතු ප්‍රඡාවගේ දැවෙන ප්‍රශ්ණ සමාජ ගතවනවා අඩුයි.

නුවරඑළිය දිස්ත්‍රික් හිටපු පාර්ලීමේන්තු මංත්‍රි එම්. තිලකරාජ් මහතා මේ බව පවසන ලද්දේ නුවරඑළියේ පැවති වැවිලි ප්‍රජාවගේ නවෝදය කරා යන තේමාව යටතේ පැවති මාධ්‍ය වැඩ මුලුවක් අමතමිනි.

මහනුවර කරිටාස් ආයතනය මගින් මෙම වැඩ මුලුව සංවිධානය කර තිබු අතර එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු එම්. තිලකරාජ් මහතා මේ වන විට මේ වතු ප්‍රජාවගේ ආර්ථික, සෞඛ්‍ය, ඉඩම්, අධ්‍යාපන ප්‍රශ්ණ දැවෙන ප්‍රශ්ණ බවට පත් වෙලා තියෙන්නේ 2015 රජයේ දින සියයයේ වැඩ සටහනට සමගාමිවයි වතු කම්කරුවන් සදහා පර්චස් 07ක ඉඩමක නිවසක් ඉදි කර දිමට පියවර ගත්තේ එය හරිත භුමි නමින් කරන ලද ව්‍යාපෘතියක්.

වතු කම්කරුවන් වසර 200ක පමන කාලයක් මේ රට තුල ජිවත් වුනත් එම ජනතාවගෙන් ඉතා සුලු පිරිසකට පමනයි මේ වන විට ඉඩම් හිමිකමක් ලැබිලා තියෙන්නේ ඉඩමක නිවසක් හැදිමට පෙරයි පතල් හා භුකැනිම් කාර්යාශය (එම්.බි.ආර්.ඕ) මගින් එම ඉඩම පරික්ෂාවට ලක් කරන්නේ එත් මේ වතු ප්‍රජාවට දෙන නිවාස හැදුවාට පසුවයි එම භුමිය පරික්ෂාවට ලක් කරන්නේ එය කොයි තරම් වැරදිද කොයි තරම් අවදානම්ද.

මෙම තත්වයන් මත සමහර අවස්ථාවල මේ වතු ප්‍රජාවගේ ජිවිතද අනාරක්ෂිත තත්වයන්ට පත් විමේ අවදානමක්ද පවතිනවා එත් සමහර අයට ඒ පිලිබදව කිසි ගානක් නැහැ.

මේ වන විට වතු ප්‍රජාවගේ දරුවන්ගේ අධ්‍යාපනයද කඩා වැටිමේ අවදානමකට ලක් වෙලා තියෙන්නේ මේ දරුවන්ගේ අධ්‍යාපනය පෙර පාසල් අවධියේම කඩා වැටිමකට ලක් වෙනවා වතුවල පවත්වා ගෙන යන පෙර පාසල් බොහෝමයක් අවිධිමත් ලෙස පවත්වා ගෙන යන බවට විවිධ චෝදනා පවතිනවා.

අද පාසලකට දරුවකු ඇතුලත් කරන යන විට රජය පවසන්නේ පහසුකම් සේවා ගාස්තු පමනක් ගෙවන්න කියලා එත් දරුවකු පාසලට ඇතුලත් කරන විට එම විදුහලට අර අරමුදල මේ අරමුදල සංවර්ධණ අරමුදල කියමින් රුපියල් දහ පහාලොස් දාහක් ගෙවන්න වෙනවා මෙය අද මේ වතු ප්‍රජාවට විශාල බරක් මෙසේ විවිධ අරමුදල් ලබා ගත්තත් සමහර විදුහල්වල නිසි ලෙස වැසි කිලි පහසු කම් නැහැ පානිය ජල පහසු කම් නැහැ.

අද වතු පාසල් සදහා අධ්‍යාපන අමත්‍යාංශයෙන් නිසි ලෙස අවශ්‍ය ප්‍රමාණයට මුදල් වෙන් වෙන්නේ නැහැ එම තත්වයන් මත වතු පාසල් නිසි ලෙස පවත්වාගෙන යාමත් අසීරු තත්වයක පවතින්නේ.

වතුකරයේ සෞඛ්‍ය තත්වයන් ගත්තත් එයත් දැඩි ලෙස පිරිහිමකට පත් වෙලා තියෙන්නේ වතු රෝහල් ගත් විට එහි නිසි ලෙස ඖෂධ නැහැ තේ වතුවල තේ දළු කඩන කාන්තාවන්ට වතුවල දළු කඩන විට යන්න වැසි කිලි කැසි කිලි පහසු කම් නැහැ මෙයත් එම කාන්තාවන්ගේ සෞඛ්‍යට දැඩි ලෙස බලපානවා.

එමෙන්ම වතු කරයේ බොහෝ දරුවන් මන්පෝෂණයට ලක් විමේ දැඩි අවදානමක් පවතිනවා මෙය වතු කර ප්‍රජාවට දැඩි බලපාන ප්‍රශ්ණයක් බවට පත් වෙලා තියෙන්නේ.

වතුකර ප්‍රජාව මේ වන විට දැඩි ආර්ථික ප්‍රශ්ණවලට ලක් වෙලා ඉන්නේ ඔවුන්ට ජිවත් විමට නිසි ආදායමක් නැහැ දෛණික වැටුප රුපියල් දාහාක් දෙන බව පැවසුවත් එය මේ වන තෙක් නිසි ලෙස ලැබෙන්නේ නැහැ අද පවතින ජිවන රටාව මත දෛණිකව රුපියල් දාහක වැටුපක් ලැබුනත් එය ජිවත් විමට ප්‍රමාණවත් නැහැ.

වීශේෂයෙන් පිටි මිල දැඩි ලෙස ඉහල යාම තුලින් වතු ප්‍රජාව දැඩි දුෂ්කරතාවයන්ට පත් වෙලා ඉන්නේ මේ වතු ප්‍රජාවට ලැබෙන සොච්චම් වැටුපෙන් මේ වන දවසට තුන් වේල නොවෙයි එක වේලක් වත් හරියට කන්න බැහැ මේ පිලිබදව අදාල පිරිස් අවදානය යොමු කල යුතුයි.
මේ වතු ප්‍රජාවට හොද වැටුපක් නොලැබෙන නිසා අද මේ වතු කම්කරුවන්ගේ බොහෝ දරුවන් වෙනත් රැකියාවන් සොයා ගෙන විවිධ ස්ථාන වෙත යනවා ඒ යන්නෙත් හොද රැකියා සදහා නොවෙයි එක්කෝ හෝටලයක වැඩ කරන්න නැතිනම් රෙදි කඩේක වැඩ කරන්න මේ තත්වයන් මත ඉදිරියේදි වතු විනාශ විමේ අවදානමක්ද පවතිනවා ඒ තුලින් ඉදිරියේදි අප රටට ලැබෙන විදෙස් විනිමය තවත් අඩු වෙන්න පුලුවන්.

අද රට තුල පවතින ඩෝලර් අර්බුද මෙවන් තත්වයන් මත ඉදිරියේදි තවත් වැඩි වෙන්න පුලුවන් මෙය වෙනස් කිරිමට මේ වතු ප්‍රජාවට ජිවත් විමට හොද ආර්ථික රටාවක් හැදිය යුතුයි එවිට මේ වතු කම්කරුවන්ගේ දරුවන්ද මේ වතු තුල රැදි සිටිමින් වතුවල රැකියාවන් කිරිමට කටයුතු කරයි ඒ තුලින් මේ වතු තවත් සංවර්ධනය කිරිමටත් ඒතුලින් තේ ආර්ථිකය වැඩි දියුණු කිරිමටත් හැකියාව ලැබෙයි.

Similar Posts