වතු කම්කරුවන්ගේ සමාජිකත්වය මාරු කිරිමේ අවසන් කාලය ලංවත්ම වතු වෘත්තිය සමිති අතර පවතින තරගකාරිත්වයද උණුසුම් තත්වයන්ට පත්ව ඇත.

වතු කම්කරුවන්ට ඔවුන් සමාජිකත්වය දරණ වෘත්තිය සමිතිය මාරු කිරිම සදහා වසරකට අවස්ථාවන් දෙකක් ලැබෙන අතර එහි එක් අවස්ථාවක් මෙම ජුනි මස 30වන දිනෙන් අවසන් වන අතර අනික් අවස්ථාව දෙසැම්බර් මාසයේදි ලැබෙනු ඇත.

එම තත්වයන් මත වතු කම්කරුවන්ගේ සමාජිකත්වය මාරු කිමේ මෙම වසරේ පලමු අවස්ථාවේ තම වෘත්තිය සමිති සදහා වැඩි පුර සමාජිකයන් පිරිසක් බදවා ගැනිම සදහා වතුකරයේ වෘත්තිය සමිති අතර පවතින තරගකාරිත්වයද මේ වන විට උග්‍ර තත්වයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් මත වතු කරයේ සමහර වෘත්තිය සමිති ඔහුන්ගේ ප්‍රාදේශීය නායකයන් හරහා වතුවල වතු නියෝජිතයන් (වතු තලේවර්වරුන්) සදහා විවිධ වරප්‍රසාද ලබා දෙමින් ඔවුන් හරහා තම වෘත්තිය සමිතිවලට වැඩි වශයෙන් සමාජිකයන් බදවා ගැනිමට අවශ්‍ය ඉල්ලුම් පත් වතු කම්කරුවන් අතර බේදා දිමටද මේ වන විට පියවර ගෙන ඇත.

සමහර වෘත්තිය සමිතිවලට වතු කම්කරුවන් වන තමන් මතක්වනුයේ මෙසේ සමාජිකත්වය වෙනස් කිරිමේ කාලයේදි හා මැතිවරණ කාලවලදි බවත් එයින් පසුව එම වෘත්තිය සමිති නායකයන්ට තමන් අමතක වන බවද සමහර වතු කම්කරුවන් පවසති.

කෙසේ වුවද අවසානයේදි වතු කම්කරුවන් වන තමන් මෙම සමහර වෘත්තිය සමිතිවල චාටු කතාවලට රැවටෙන බවද ඔවුන් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories