දීපවාලි උත්සවය සැමරිම සදහා වතු කම්කරුවන්ට රුපියල් තිස් දහසක (30,000/=) අත්තිකාරම් මුදලක් ලබා දිමට පියවර ගන්නා ලෙස වතු සමාගම්වලින් ඉල්ලා සිටින බව ශ්‍රි ලංකා කම්කරු සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කේ. කේ. පියදාස මහතා පවසයි.

මේ පිලිබදව මාධ්‍ය වෙත වැඩි දුරටත් කරුනු දැක්වු කේ. කේ. පියදාස මහතා පවසන ලද්දේ ද්‍රවිඩ ජාතිකයන්ගේ ප්‍රධානතම උත්සවයක් වන දීපවාලි උත්සවය ඉතාමත් උත්සවාකාරයෙන් සැමරිමට පියවර ගනිමින් සිටින අතර වතු කම්කරුවන්ද මෙම දිපවාලි උත්සවය මහත් හරසරින් සැමරිමට කැමැත්තක් දක්වති.

එහෙත් පවතින ආර්ථික ප්‍රශ්න මත මෙම දිපවාලි උත්සවය සැමරිමට වතු කම්කරුවන්ට නොහැකි තත්වයක් පවතින බැවින් වතු කම්කරුවන්ට රුපියල් තිස් දහසක අත්තිකාරම් මුදලක් ලබා දිමට වතු සමාගම් පියවර ගන්නේ නම් එය වතු කම්කරුවන්ට කරනු ලබන විශාල සේවයක්.

මෙසේ ලබා දෙන අත්තිකාරම් මුදල එම වතු කම්කරුවන්ගෙන් මාස 10ක පමන කාලයකදි නැවත ලබා ගැනිමට හැකි බැවින් වතු කම්කරුවන්ට මෙවර දිපවාලි උත්සවය සැමරිම සදහා රුපියල් තිස් දහසක අත්තිකාරම් මුදලක් ලබා දිමට පියවර ගන්නා ලෙස සියළුම වතු සමාගම්වලින් ඉල්ලා සිටින බවද කේ. කේ. පියදාස මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories