වතුකරයේ අධ්‍යාපනය හදාරා ඇති සමහර දරුවන්ට නිසි ලෙස රැකියා අවස්ථාවන් නොමැති විමෙන් එම දරුවන් මෙන්ම එම දරුවන්ගේ දෙමාපියන්ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා මේ වන විට වතුකරයේ බොහෝ දරුවන් දැඩි ලෙස දුක් විදිමින් හොදින් අධ්‍යාපනය හදාරනවා ඒ සදහා එම දරුවන්ගේ දෙමාපියන්ද දැඩි දුකක් විදිමින් අවශ්‍යදේ ලබා දිමටත් පියවර ගන්නවා.

එත් මේ දරුවන් බොහෝ දෙනකුට නිසි ලෙස රැකියාවන් නොමැති විම මත එම දරුවන්ට අවසානයේ සිදු වන්නේ කඩයක, හෝටලයක, හෝ නිවසක මෙහෙකාර සේවය කිරිමටයි මෙය වෙනස් විය යුතුයි මෙම දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් මත රජයේ රැකියා නොමැති නම් පුද්ගලික අංශයේ හෝ රැකියා අවස්ථා ලබා දිමට යම් වැඩ පිලිවෙලක් සකස් කල යුතුයි.

මේ වන විට සමහර රෙදි කඩවල, හෝටල්වල මෙන්ම වෙනත් කඩවල සේවය කරන බොහෝ පිරිසකට නිසි වැටුපක් ලබා දෙන්නේ නැහැ උදේ සිට රාත්‍රිය තෙක් මේ අය වැඩ කලත් මාසකට රුපියල් අට දාහාක් දස දහාසක් වැනි මුදලක් තමයි මේ අයට ලැබෙන්නේ එමෙන්ම මේ බොහෝ දෙනකුට නිසි ලෙස ඊ.ටි.එෆ්. ඊ. පි. එෆ්. නිසි ලෙස ලැබෙන්නේ නැහැ මෙම තත්වයන් පිලිබදව අදාල නිලධාරින් සොයා බැලිය යුතුයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories