රජයේ බදු ප්‍රතිපත්තිය වහා වෙනස් කරන ලෙස ඉල්ලමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව දිවයින පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඊයේ (15) ක්‍රියාත්මක වූ එක්දින වැඩ වර්ජනය සඳහා රජයේ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විදුලි ඉංජිනේරුවන් ඇතුළු විදුලි සේවකයින්, බැංකු නිලධාරීන්, ඛනිජතෙල්, ජල සම්පාදන, මාර්ග සංවර්ධන, අධ්‍යාපන පරිපාලන, මිනින්දෝරු, දේශීය ආදායම් ඇතුළු වෘත්තීය සමිති 47ක් එක්ව සිටියේ ය.
ඔවුන් පවසන්නේ, රුපියල් ලක්ෂය ඉක්මවන මාසික ආදායම් මත 6% සිට 36% දක්වා පනවා ඇති උපයනවිට ගෙවීම් බද්ද ක්ෂේත්‍ර රැසක වෘත්තීකයින් දැඩි අර්බුදයකට පත් කර ඇති බවයි.
සිය ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇති බැවින් දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනය අද (16) උදෑසන 8.00ට තාවකාලිකව අවසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.