වසර කිපයක් පුරා විසදිමට නොහැකිව තිබු වතු කම්කරු රුපියල් 1000 ප්‍රශ්නය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාස දෙකක කාලයක් තුලදි විසදිමට පියවර ගත් බව වතු යටිතල හා ප්‍රජා සංවර්ධන ඇමති ලංකා කම්කරු කොංග්‍රස් නායක ආරුමුගන් තොණ්ඩමන් මහතා පවසයි.

ආරුමුගන් තොණ්ඩමන් මහතා මේ බව පවසන ලද්දේ 15වන දින කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදි පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ආරුමුගන් තොණ්ඩමන් මහතා පසු ගිය වසර කිපය පුරාවටම මේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් සියයකින් පනහකින් වැඩි කරන බව පවසමින් සමහර අය විවිධ පොරෝන්දු ලබා දුන්නා එත් එය කිරිමට ඔවුන්ට බැරි වුනා.

අපි පසු ගිය ජනාධිපති මැතිවරණයෙදි පැවසුවා ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගැනිමෙන් පසු මේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන බව එම මැතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාද එම පොරෝන්දුව ලබා දුන්නා ඒ අනුව එතුමා ජනාධිපති ව මාස දෙකක කාලයක් තුලදි එය ඉටු කලා මෙය මේ වතු කරයේ ජනතාවට ලබා දුන්න පොංගල් තැග්ගක්.

ගෝඨාභය රාජපක්ෂ මහතා හා මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් මේ වන විට විශාල සහන ලබා දිමට පියවර ගෙන තියෙනවා එමෙන්ම මේ වතු කරයේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කලා වගේම මේ වතු කරයේ අධ්‍යාපනය හදාරන දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටු විමටත් පියවර ගන්නවා.

ඒ අනුව ඉදිරියේදි මේ වතු කරයේ විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරිමටත් පියවර ගන්නවා ඒ පිලිබදව බන්දුල ගුණවර්ධන ඇමතිතුමන් සමගද මුලික සකච්ඡා ආරම්භ කර තියෙන්නේ එමෙන්ම මේ වතු කරයේ ජනතාවගේ යටිතල පහසුකම් වැඩි දියුනු කිරිමටත් පියවර ගන්නවා.

ලංකා කම්කරු කොංග්‍රසය හැම දාම ඉන්නේ කම්කරු ජනතාව සමගයි එමෙන්ම අලුත් මුහුණු ලෙස කවුරු ආවත් වතු කරයේ ජනතාව ඉන්නේ ලංකා කම්කරු කොංග්‍රසය සමගයි එය පසු ගිය පලාත් පාලන මැතිවරණයේදි මනාව පැහැදිලි වුනා.

අපි නිරන්තරයෙන් කරන්නේ ජනතාවට කල හැකි සේවයයි අපි මේ ජනතාවට බොරු පොරෝන්දු ලබා දිලා ජනතාව රැවටිමට ලක් කරන්නේ නැහැ.

මෙහිදි ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති එම්. රමෙස්වරන් මහතාද කතා කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

More Stories