පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය තුළ ධීවර සහ නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ගිණිකොණ දිග ආරාබි මුහුද ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ.
“ටවුටේ” ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව, චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී උතුරුට ගමන් කර ඉදිරියේදී ඉන්දියාවේ ගුජරාට් වෙරළ තීරයට ඇතුල්වීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන් අවධාරණය කරන්නේ දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු වල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණිය යුතු බවයි.
නැවත දැනුම්දෙන තුරු කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ සහ පෙරේදා දිනවල ඇඳහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක ජනතාව මේ වනවිට පීඩාවට පත්ව සිටී.
මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඇතැම් ප්‍රදේශවලට ඇදහැලුනු වර්ෂාවේ අඩුවක් දක්නට ලැබුණද, ගංගාවල ජල මට්ටම ඉහළ යාම හා පහත් බිම් ජලයෙන් යටවීම තවදුරටත් දක්නට ලැබෙන බවයි.
අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ කැලණි, කළු, ගිං, නිල්වලා යන ගංගා සහ මහ ඔය හා අත්තනගලු ඔය මේ වන විටත් පිටාර ගලමින් පවතින බවය.
කැලණි ගඟේ ජල පෝෂක ප්‍රදේශවලට ඇඳහැලුණු අධික වැසි සමග මේ වනවිට කැලණිය හා ඒ අවට පහත්බිම් රැසක් ජලයෙන් යටවී පවතී.
පෑලියගොඩ, කැලණිය, කොහිලවත්ත යන ප්‍රදේශවල නිවාස රැසක් ද ජලයෙන් යටවී තිබේ.
ගිං ඟග පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, තවලම ඇතුළු ප්‍රදේශ කිහිපයක පහත්බිම් ජලයෙන් යටවීමත් සමග ප්‍රදේශවාසීන් දැඩි පිඩාවට පත්විය.
ගාල්ල දිස්ත්‍රික්කය මෙන්ම අනෙකුත් දිස්ත්‍රික්කවල ද ස්ථාන රැසක ජල ගැලීම් වාර්තා විය.