hospital

දිවයින පුරා වැසී තිබෙන හා වැසීයාමට ආසන්න තත්ත්වයේ ඇති රෝහල් නැවත ක්‍රියාත්මක කර රෝගී සත්කාර සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ර‌ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ අද (27) පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙනු ලැබුවා.

මේ වන විට දිවයින පුරා රජයේ රෝහල් 40 කට ආසන්න ප්‍රමාණයක් වැසී තිබෙන බවත්, 100 කට ආසන්න රෝහල් ප්‍රමාණයක් වැසී යාමට ආසන්න තත්ත්වයේ ඇති බවත් මෙහිදී අනාවරණය විය.

වෛද්‍යවරුන් විදේශ ගතවීම, විශ්‍රාම යාම, ස්ථාන මාරුවීම් ලබා ගැනීම, සේවය අතහැර යාම වැනි කාරණා හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද මෙහිදී අනාවරණය විය.

Similar Posts