More Stories
එළවළු මිලෙහි දැවැන්ත වෙනසක්
පසුගිය සතියට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ උඩරට සහ පහතරට එළවළු මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. වෙළඳුන් සඳහන් කළේ රුපියල් 160ක සිල්ලර මිලකට පැවති වට්ටක්කා කිලෝවක් මේ වන විට 300ත් 400ත් අතර මිලකට අලෙවි වන බවයි. එමෙන්ම අනෙක් සෑම වර්ගයේ එළවළු කිලෝවක් රුපියල් 500ත් 800ත් අතර මිලකට අලෙවි වන බවයි වාර්තා වන්නේ.
ඉදරි ඡන්දවලට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තීරණයක්
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සහ අනෙකුත් සුදුසුකම් පිළිබඳ පක්ෂ නායකයන් විසින් සොයා බැලිය යුතු බවට යෝජනාවක් ගෙන ඒමට සිවිල් සංවිධාන හා මැතිවරණ නිරීක්ෂණ ආයතනවල අවධානය යොමුවී තිබෙනවා. එම සංවිධාන සඳහන් කළේ පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයන් ලෙස තේරී පත්වන ඇතැම් පුද්ගලයන් විවිධ අපරාධවලට සම්බන්ධ වීම සහ අධ්‍යාපන සුදුසුකමක් නොමැති වීම රටේ දේශපාලනය…
විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශයට පත් කරයි
ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ.ඒ විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ජගත් ඩයස්ගේ අත්සනින් නිකුත් කළ චක්රලේඛයකින්. ජනවාරි, පෙබරවාරි, මාර්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල විශ්‍රාම වැටුප් 10 වනදාට ලබාදීමට තීරණය කර තිබේ.එමෙන්ම අප්‍රේල්, මැයි, ජුනි හා ජූලි යන මාසවල විශ්‍රාම වැටුප් 9 වනදා ලබාදෙන බව එම චක්‍රලේඛයේ සඳහන්. එම චක්‍රලේඛයේ…
පැමිණිලි පිටපත් ඉල්ලුම් කිරීම සඳහා නව පෝරමයක්!
පොලිස්පති නිල කාර්යාලයෙන් ඉකුත් දෙසැම්බර් පළමු දා සියලුම ජෙය්ෂ්ඨ නියෝජය පොලිස්පතිවරුන්, නියෝජය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරීන්, අධ්‍යක්ෂකවරුන්, කොට්ඨාශ භාර නිලධාරීන්, දිස්ත්‍රික්ක භාර නිලධාරීන් හා මූ.පො.ප/ ස්ථානාධිපතිවරුන් හට පැමිණිලි පිටපත් ඉල්ලුම් කිරීම සඳහා නව පෝරමයක් හඳුන්වා දී ඇත. ඒ අනුව මහජනතාව විසින් පොලිස් ස්ථාන සහ අදාල ක්‍රියාකාරි කොට්ඨාස වෙතින් පැමිණිලි පිටපත් ඉල්ලුම් කිරීමේ දී සහ ලබා ගැනීමට…
අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කිරීමෙන් වළකින්නැයි ඉල්ලීමක්
අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කරගැනීමෙන් වළකින ලෙස හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දන තිලක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඔහු පැවසුවේ ලුණු හිඟයක් පිළිබඳ මේ වන විට කතා බහක් නිර්මාණය වී ඇතැයිද මේ හේතුවෙන් ජනතාව බියට පත් වී ලුණු තොග වශයෙන් නිවෙස් වෙත ගෙන ගොස් තැන්පත් කර ගැනීම් සිදුකරන බවය. ඔහු මෙම අදහස්…
අද කාලගුණය
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු…