අසාධාරණ ලෙස විදුලිය විසන්ධි කිරීමට භාජන වූවන්ට යුක්තිය ඉටුකිරීම සඳහා එම විසන්ධි කිරීම්වලට අදාළ දත්ත අධ්‍යයනයක් කරන්නේ යැයි ‘අඳුරෙන් එළියට එළියට සවියක්’ මැයෙන් ආරම්භ කළ වැඩපිළිවෙළෙහි අනුශාසක මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පැවසූහ.
විසන්ධි කිරීම් අවසානාත්මක වශයෙන් සාධාරණ ලෙස කළ දැනුම් දීම්වලින් පසුව සිදු කළේ ද යන්න ගැන පුළුල් අධ්‍යයනයක් මෙමඟින් සිදුවනු ඇතැයි මහාචාර්ය ධම්මරතන හිමියෝ කීහ.
විදුලිය විසන්ධි කිරීම්වලට ලක්වූවන් සාමාන්‍ය ජනතාව, පුණ්‍ය ආයතන ආදී වශයෙන් වර්ගීකරණය කෙරෙන්නේ යැයි ද උන්වහන්සේ පැවසූහ. ඉතා කෙටි කාලයකදී රටේ විදුලි පාරිභෝගිකයන්ගෙන් සැලකිය යුතු පිරිසකගේ විදුලිය සබඳතා විසන්ධි කර ඇතැයි චෝදනා කළ මහාචාර්ය ධම්මරතන හිමියෝ සමාජය දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලී සිටින මොහොතක මේ පියවර කෙතරම් යුක්තිසහගත දැයි විමසා සිටියහ.
මෙම අධ්‍යයනයේදී හඳුනා ගන්නා වින්ධිතයන්ට යුක්තිය ඉටුකිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මෙම වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී සාකච්ඡා කෙරෙන්නේ යැයිද ධම්මරතන හිමියෝ සඳහන් කළහ.