බිංගිරිය ප්‍රදේශයේ රජයේ විදුහලක 12 හැවිරිදි මෙම සිසුවිය විද්‍යාලයේ නිවාසාන්තර තරගයේ නරඹන්නියක් ලෙස කටයුතු සිදු කිරීමේදී විදුහල්පතිනිය එල්ල කළ කෝටු පහරක් ඇගේ ඇසක වැදී පෙනීම අහිමිව ඇති බව සඳහන් වේ.
විදුහල්පතිනියක් සිදුකළ පහරදීමකින් සිසුවියකගේ ඇසක් නොපෙනියාමේ සිදුවීමක් සම්බන්ධයෙන් ගම්වැසියන් පිරිසක් විරෝධතාවයක නිරත විය.
මෙලෙස ඇසක පෙනීම අහිමිව ඇත්තේ බිංගිරිය බෝවත්ත කඩිගමුව ග්‍රාමයේ ජිවත් වන නෙත්මි සමදරා නමැති සිසුවියගේයි.
එම අවස්ථාවේදී සිසුවිය බීම ඇද වැටී ඇති මුත් විදුහල්පතිනිය සිසුවිය ගැන සොයා නොබලා කටයුතු කර ඇති බවද පසුව විදුහලේ වෙනත් ගුරුවරියක් මැදිහත්ව ඇයට ප්‍රථමාධාර දී ඇති බවද සදහන්වේ.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් දැරියගේ පියා ඉල්ලා ඇතත් මේ දක්වා කිසිදු පරීක්ෂණයක් සිදුව නොමැති බව දැරියගේ පියා සදහන් කරයි.