ලබන සඳුදා සිට රටේ පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
පාසල් ප්‍රවාහන බස් රථ, විනෝද හා වන්දනා ගමන් සඳහා යොදාගෙන ඇති බස් රථ මෙන්ම ලියාපදිංචි කිරීමේ පොරොත්තු ලේඛනයේ ඇති සියලූ බස් රථ තාවකාලිකව මගී ප්‍රවාහනය සඳහා යෙදවීමට නියමිතයි.
ඒ, ඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම මෙන්ම කොරෝනා වසංගත තත්ත්වය හා සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් සැළකිල්ලට ගනිමින්.
ඒ අනුව ලබන සඳුදා දිනයේ දුම්රිය හා බස් රථ ඇතුලූ පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු ඇති.