මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට විටින් විට පවතින දැඩි වර්ෂාව හේතුවෙන් නොර්ටන් බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශය 02වන දින උදැසන සිට පිටාර ගැලිම ආරම්භ වී ඇත.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට විටින් විට දැඩි වර්ෂාවක් පවතින බවත් එම තත්වයන් මත 02වන දින උදැසන සිට මෙම ජලාශයේ ජලය මෙසේ පිටාර ගැලිමට පටන් ගෙන ඇති බවත්ය.

මෙම ජලාශයේ ජලය මෙසේ පිටාර ගැලිමත් සමග කැළනි ගංගාවේ ජල මට්ටම ඉහල යාමේ අවදානමක් පැවතිය හැකි බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories