dailyreporter.lk

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් මාඋස්සාකැලේ හා කාසල්රි නොර්ටන් බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට ආසන්නවි ඇති අතර තවත් ජලාශ වල වාන් දොරටුද විවෘත කිරිමට පියවර ගෙන ඇත.

මෙම ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් 04වන දින මෙම ජලාශය නැවත වාන් දැමිම ආරම්භවි ඇති බවත් එම තත්වයන් මත කැළණි ගංගාවේ ජල මට්ටම තව දුරටත් ඉහල යාමේ අවදානමක් පවතින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් මේ වන විට මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අගල් 03ක් පහලින්ද කාසල්රි ජලාශයේ ජල මට්ටමපිටාර මට්ටමට අගල් 10ක් පමන පහලින් පවතින බවත්ය.

එමෙන්ම කැනියන් ජලාශයේ එක් වාන් දොරටුවක් අගල් තුනක් විවෘත කර ඇති අතර ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් හතර බැගින් විවෘත කිරිමට පියවර ගෙන ඇති බවද ඔහු පැවසිය.

පවතින වැසි තත්වයන් මත නොර්ටන් බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශය 04වන දින සිට පිටාර ගලන බවත් මෙම තත්වයන් මත කැළණි ගංගාවේ ජල මට්ටම දැඩි ලෙස ඉහල යාමේ අවදානමක් පැවතිය හැකි බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories