gossip news sri lanka

ශ්‍රිපාද වන්දනා සමය ආරම්භක දින තුනක් තුලදි හැටන් ලංගම ඩිපෝවට රුපියල් ලක්ෂ හැත්තැවකට අධික ආදායමක් උපයා ගැනිමට හැකිව ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පවසන ලද්දේ 2024—2025 ගෞතම ශ්‍රිපාද වන්දනා සමය පසුගිය 14 වන දිනෙන් ආරම්භවු බවත් එම ශ්‍රිපාද වන්දනා සමය නිමිති කර ගෙන 13වන දින අළුයම සිටම හැටන් සිට නල්ලතන්නිය දක්වා ලංගම බස් රථ ධාවනය ආරම්භ කිරිමට පියවර ගත් බවත්ය.

ඒ අනුව 13වන දින දින අළුයම සිට 15වන දින රාත්‍රිය දක්වා ශ්‍රිපාද වන්දනාකරුවන් ඇතුළු අනිකුත් මගි ප්‍රවාහන කටයුතුවලින් එම දින තුන තුලදි මෙම ඩිපෝවට රුපියල් හැත්ත හය ලක්ෂ අසුපන්දාහක ආදායමක් ලබා ගැනිමට හැකිවු බවත්ය.

මෙම ඩිපෝවේ රියදුරු කොන්දොස්තර මහත්වරුන් ඇතුළු සමස්ථ සේවක මණ්ඩලයේ කැපවිම මත මෙවැනි ආදායමක් ලබා ගැනිමට හැකිවු බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories