මෙවර ශ්‍රිපාද වන්දනා සමය තුලදි ශ්‍රිපාද ප්‍රජා භුමිය වෙත පොලිතින් හා ප්ලාස්ටිකි රැගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් කිරිමට පියවර ගෙන ඇති බව නුවරඵළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි.
මේ පිලිබදව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නන්දන ගලබඩ මහතා වැඩි දුරටත් සටහන් කරනුයේ 2023/ 07/ 19 යන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ශ්‍රිපාද භුමිය වෙත පොලාතින් හා ප්ලාස්ටික් රැගෙන ඒමද සම්පුර්ණයෙන් තහනම් කිරිමට පියවර ගෙන ඇති බවත්ය.
එම නිවේදනයේ මෙසේද සටහන් කර ඇත.
2023-2024 ශ්‍රිපාද වන්දනා සමය දෙසැම්බර් 26වන දින ආරම්භවි 2024 මැයි මස 23වන දිනෙන් අවසන් වනු ඇත.
ශ්‍රිපාද භුමිය වෙත පැමිනෙන බැතිමතුන් බැහැර කරන දිරන හා නොදිරන අපද්‍රව්‍ය හේතුවෙන් ශ්‍රිපාද සංවේදි පරිසර කලාපය මේ වන විට දැඩි තර්ජනයකට මුහුණපා ඇත.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පලාත් පාලන ආයතන, නුවරඑළිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය හා ආරක්ෂක අංශ එක්ව විවිධ වැඩ සටහන් සංවිධානය කලද බැතිමතුන් විසින් සංවේදි පරිසර භුමියට අපද්‍රව්‍ය බැහැර කිරිමේ අඩුවක් නොමැති බව පෙර අත් දැකිම් අනුව තහවුරු වේ.
2023/ 11/ 09වන දින ශ්රිපාදස්ථානාධිපති සබරගමුව පලාත් ප්‍රධාන සංඝනායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් නල්ලතන්නිය ග්‍රාම නිලධාරි කාර්යාලයේ පැවති සාකච්චාවේදීද ශ්‍රිපාද භුමියේ අපද්‍රව්‍ය කළමණාකරණය සම්බන්දයෙන් විධිමත් වැඩ පිලිවෙලක අවශ්‍යතාවය පිලිබදව සාකච්චාවට බදුන් විය.
ශ්‍රිපාද පුජා භුමියේ අපද්‍රව්‍ය කළමණාකරණය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වර්ෂයකට රුපියල් මිලියන දෙකක පමන මුදලක් පලාත් පාලන ආයතන වෙත ලබා දිමද සිදුකරයි.
එම තත්වයන් මත 2023/ 07/ 19වන දින නිකුත් කරන ලද අති වීශේෂ ගැසට් පත්‍රයට අනුව ශ්‍රිපාද භුමිය වෙත පොලිතින් හා ප්ලාස්ටික් රැගෙන ඒමද සම්පුර්ණයෙන් තහනම් කර ඇත.
ඒ අනුව නල්ලතන්නියේ සිට ශ්‍රිපාද උඩ මළුව දක්වා තිබෙන සියළුම හෝටල් හා වෙළදසැල්වල පොලිතින් හා ප්ලාස්ටික් වතුර බෝතල් අලෙවිය තහනම් කිරිමටද තිරණය කර ඇත.
ශ්‍රිපාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට නැවත භාවිතයට ගත හැකි ජල බෝතල පමනක් රැගෙන ඒමට හැකියාව පවතින අතර එක වරක් පමනක් භාවිතා කල හැකි ප්ලාස්ටික් ජල බෝතල් පොලිතින් වැනිදැ රැගෙන ඒම එම වැඩ පිලිවෙල අධෛර්යමත් කිරිම අරමුණ බවද එහි සදහන් කර ඇත.
මේ සම්බන්දයෙන් ආරක්ෂ අංශ දැනුවත් කිරිමට කටයුතු කර ඇති අතර මාර්ග බාධකවලදි සම්පුර්ණ පරික්ෂාවකට ලක් කිරිමටද නියමිතව ඇති බවද එහි වැඩි දුරටත් සටහන් කර ඇත.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්