ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම ගුවන් හමුදා ජෙට් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අලුයම 3.00 පැමිණි එම ජෙට් යානයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.

රාජපක්ෂ පවුල සමග හිතවත් මාල දිවයිනේ කතානායකවරයා මෙම අවස්ථාවේ ඔහුට රටින් පිටවීමට උදව් කර ඇත.
අඟහරුවාදා කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන් ගත වූ ඇන්ටනොව්-32 ශ්‍රී ලංකා හමුදා ගුවන් යානයේ මගීන් හතර දෙනෙකු අතර 73 හැවිරිදි නායකයා, ඔහුගේ බිරිඳ, ආරක්ෂකයන් ද සිටි බව ආගමන විගමන නිලධාරීන් AFP වෙත පැවසීය.සොයුරා බැසිල් ද අද දින පිටත්වූ බවක් බීබීසීය වාර්තාකර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඒ එන් 32 වර්ගයේ යානාවක් ලබා දුන්නේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින රෙගුලාසිවලට අනුව බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අදාළ ගුවන් යානය ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියට යටත්ව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පවතින ආගමන විගමන රේගු සහ අනෙක් සියලු ම නීතිවලට ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව ගිය බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම එම යානාව තුළ ජනාධිපතිවරයා ඔහුගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ සහ තවත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු පමණක් ගමන් ගත් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

More Stories