ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බූඩ්ස්මන්වරයා ලෙස ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා පත් කර තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශ්‍රාමික) විශේෂ ශ්‍රේණිධාරියෙකු බවයි.

ඒ අනුව ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්‍රියාවකින් අගතියතට පත් ඕනෑම තැනැත්තෙකු සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට ඔහුට හැකියාව පවතියි.

More Stories