විදෙස් ගමන් බලපත්‍ර

ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය පසුගිය වසරේ සිට ස්ථාන අටකින් ඉදිරියට ගොස් 95 වැනි ස්ථානයට පත්ව තිබේ.

ඒ Henley and Partners Index 2023 විසින් ප්‍රකාශයට පත් කරන ලද ලැයිස්තුවට අනුවයි.

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ නිල දත්ත මත පදනම්ව Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකය ප්‍රකාශයට පත් කෙරෙයි.

පූර්ව වීසා බලපත්‍රයක් නොමැතිව ඔවුන්ගේ හිමිකරුවන්ට ප්‍රවේශ විය හැකි ගමනාන්ත ගණන අනුව එය ලෝකයේ සියලුම ගමන් බලපත්‍රවල ශ්‍රේණිගත කිරීම සිදු වෙයි.

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය 2022 දී 103 වන ස්ථානයට සහ 2021 දී 107 වන ස්ථානයට පත් විය.

එමෙන්ම නවතම විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ශ්‍රී ලංකාවේ අසල්වැසියන් වන මාලදිවයින ශ්‍රේණිගත කිරීම්වල 57 වැනි ස්ථානයටත්, භූතානය 84 වැනි ස්ථානයටත්, බංග්ලාදේශය 96 වැනි ස්ථානයටත්, නේපාලය 98 වැනි ස්ථානයටත්, පාකිස්තානය 100 වැනි ස්ථානයටත් පත්ව තිබේ.

More Stories