පතන ශ්‍රිපාද ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයට අලුතින් පැමිනි ගුරු සිසුන් දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනිමෙන් පසු එම සිසුන් දෙදෙනා ස්වයං නිරෝධානය සදහා නැවත ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැරීමට පියවර ගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ. සුදර්ශන් මහතා පවසයි.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු වෛද්‍ය සුදර්ශන් මහතා පවසන ලද්දේ පතන ශ්‍රිපාද ජාතික අධ්‍යාපන විද්‍යා පිඨය සදහා අලුතින් පැමිනි ගුරු සිසුන් 68 දෙනකු 19වන දින දවස තුලදි රැපිට් ඇන්ටිජන් පරික්ෂාවට ලක් කිරිමේදි ගුරු සිසුන් දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගත් බවත්ය.
එසේ හදුනා ගත් ගුරු සිසුන් දෙදෙනාගෙන් එක් අයකු දිඹුල පතන ප්‍රදේශයේ බවත් අනික් ගුරු සිසුවා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පිට අයකු බවත් එම ගුරු සිසුන් දෙදෙනා ස්වයං නිරෝධානය සදහා ඔවුන්ගේ නිවාස වෙත පිටත් කර යැවිමට පියවර ගත් බවත්ය.
එමෙන්ම මෙම විද්‍යා පිඨය සදහා පැමිනි තවත් සිසුන් පිරිසක් ඔවුන් පදිංචි ප්‍රදේශවල සෞඛ්‍ය බලධාරින්ගෙන් කරන ලද රැපිට් ඇන්ටිජන් වාර්ථා රැගෙන ඒමට කටයුතු යොදා තිබු බැවින් එම පිරිස් සදහා රැපිට් ඇනිටින් පරික්ෂා නොකල බවද ඔහු තව දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්