sakwithi-ranasighe

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් අධික පොලියක් ලබා දෙන බව පවසා මුදල් පිළිබඳ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් හෝ චෝදනාවන්ට වරද පිළිගත් සක්විති රණසිංහට වසර 22 බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රනරාජා මහතා එය වසර පහක කාලයකට අත්හිටුවීමට ඊයේ(14) නියම කළේය.

විත්තිකරුට එරෙහිව නගා තිබූ චෝදනා එකොළහකට ඔහු වරද පිළිගත් හෙයින් එක් චෝදනාවකට වසර දෙක බැගින් චෝදනා එකොළහට වසර 22 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා රුපියල් 2,75,000 ක දඩයකට ද ඔහු යටත් කළේය. මෙම නඩුවේ එක් චෝදනාවකට වරද පිළිගත් සක්විති රණසිංහ මහතාගේ බිරිඳට ද වසර දෙකක සිර දඬුවමක් නියම කොට එය වසර පහකට අත්හිටුවීමට නියම කළ විනිසුරුවරයා රුපියල් 25,000 ක දඩයක් ද ඇයට නියම කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් අධික පොලියක් ලබා දෙන බව පවසා මුදල් පිළිබඳව සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා කරමින් සක්විති රණසිංහට එරෙහි නඩුවේ අධිචෝදනා පත්‍ර කීයවා දුන් අවස්ථාවේදී අදාළ චෝදනාවට තමන් වරදකරු බව සක්විති රණසිංහ මහතා මෙන්ම ඔහුගේ බිරිය ද අධිකරණය හමුවේ පිළිගත්තාය.

More Stories