එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හෙට (21) සිය ආධාරකරුවන් හමු වීමට නියමිත බවට වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේදී හෙට පෙ.ව 11.00ට මෙලෙස ආධාරකරුවන් හමු වීමට එතුමා සූදානම් වන බවට වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වන කෙටි පණිවිඩ මේ වන විටත් සිය ප්‍රධාන ආධාරකරුවන් වෙත යොමු කර ඇති අතර, සමාජ ජාලා ඔස්සේද මේ පිළිබඳව ප්‍රචාරය කරමින් පවතී.

සජිත් ප්‍රේමදාස මහතාගේ පබලතම ආධාරකරුවකු වන හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද සිය ට්විටර් ගිණුමේ මේ සම්බන්ධයෙන් සටහනක් තබා ඇත.

More Stories