සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහි කරන පුළුල් ජනතා සන්ධානයට තම පක්ෂවල සහාය ලබා දෙන බව ජාතික හෙළ උරුමය, දමිල ප්රගතිශීලි සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.
විශේෂ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂවල නායකයින් වන පිළිවෙලින්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන් හා රවුෆ් හකීම් යන මහත්වරු අවධාරණය කළේ, ජනතා අපේක්ෂාවන් සහතික කරන ආණ්ඩුවක් බිහි කිරීම උදෙසා තමන් දායක වන බවයි.