පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව ආරම්භ වි තිබෙන අතර ඒහිදි සියලුම මන්ත්‍රින් ඒක්ව මෙම තිරණය ගත් බව ඒජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ් අනුව විපක්ෂ නායක ධුරයෙහි වගකීම් ඉටුකිරිමට සජිත් ප්‍රේමදාස මහතාට බලය හිමි වෙන බවද පැවසීය.

මේ පිලිබඳ කථානාක කරු ජයසුරිය මහතා වෙත පක්ෂ මහලේකම් අකිල විරාජ් මහතා  විසින්  දන්වා යවා ඇති අතර ඒය කථානායකවරයා විසින් පිළිගෙන තිබේ.

මේ අතර පක්ෂ නායකත්වය ගැන ඉදිරියේ දී තීරණය කරන බවද වාර්තා වෙයි.

Similar Posts