slparli

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද (08) දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

අදාළ පනත් කෙටුම්පත විවාදයකින් තොරව පෙරේදා දිනයේ සම්මත කර ගැනීමට නියමිතව තිබුණ ද පනත් කෙටුම්පත සඳහා විවාදයක් අවශ්‍ය බවට මන්ත්‍රීවරුන් සිදුකළ ඉල්ලීමකට අනුව එම විවාදය අද පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කර ඇති හෙයින් ඒ සඳහා විවාද කිරීමේ අවශ්‍යතාවක් පවතින බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා යන මහත්වරුන් කථානායකවරයාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව එම තීරණය ගෙන තිබේ.

More Stories