ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් කාන්තාවන්ට දේශන පැවැත්වීමට යොදාගත් ස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගත්තා.

මඩකලපුව, කාත්තන්කුඩි, පාලමුනෙයි ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම වැටලීම සිදුකළේ.

2018 වසරේ දී කාන්තාවන් 20 දෙනෙකු මෙහිදී මොහොමඩ් සහරාන්ගේ දේශනවලට සහභාගිවී ඇති බව හෙළිව තිබෙනවා. සහරාන් ඇතුළු බෝම්බකරුවන්ගේ බිරින්දෑවරුන් ද ඒ අතර වන බවයි හෙළිව ඇත්තේ.

පාස්කු ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලට අනුව සැකකරුවන් ගණනාවක්ම පසුගිය සති කිහිපය තුළ අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් විමර්ශකයින්ට ලබාදුන් ප්‍රකාශවලට අනුව අන්තවාදී කටයුතු සඳහා යොදාගත් ස්ථාන රැසක්ද හඳුනාගැණුනි.

 

Similar Posts