rice

සහල් ආනයනය කිරීම සඳහා රජය ලබාදුන් අවසරය උපයෝගී කරගනිමින් කූඨ ජාවාරමක නිරත වන පිරිසක් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබෙන බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කරයි.

ඒ මෙරට තුළ රුපියල් 220ත් 250ත් අතර මුදලකට අලෙවි කළ හැකි බාස්මතී සහල්වලට සමාන සහල් වර්ගයක් අඩු මුදලට මෙරටට ආනයනය කර ඇති බවයි.

මෙම සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 65ක බදු මුදලක් ගෙවා ආනයනය කර වැඩි මිලට මෙරට තුළ අලෙවි කිරීම සිදු කර තිබේ.

බාස්මතී සහල් ඕනෑම අවස්ථාවකදී මෙරටට ආනයනය කළ හැකි අතර සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 300ට වැඩි බදු මුදලක්ද පනවා තිබෙන බවයි වාර්තා වෙයි.

මෙරටට පැමිණෙන සහල් තොගවල සාම්පල පරීක්ෂා කිරිමේදී ඒවා බාස්මතී සහල් නොවන බව හඳුනාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ පිළිබඳව පියවර ගැනීම සඳහා බලය පවතින්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට බවයි.

More Stories