අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි බී.එස්.තිසේරා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානය වෙත මාරු කර තිබේ.

ඊයේ (01) දින සිට බලපැත්වෙන පරිදි ජාතික පොලිස් කොමිසමේ හා මැතිවරණ කොමිසමේ අනුමැතිය මත වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විසින් මෙම ස්ථාන මාරුව ලබා දි ඇත.

සහකාර පොලිස් අධිකාරි බී.එස්.තිසේරා මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ලකෑම් විමර්ශන අංශය හා විශේෂ විමර්ශන අංශය භාරව සිටි පුද්ගලයාය.

මොහු යටතේ යාපනය විද්‍යා දැරියගේ ඝාතන සිද්ධිය, මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය, මාධ්‍යවේදි කීත් නොයාර් මහතා පැහැරගෙන යාම, මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීමේ සිද්ධිය, රතුපස්වල ගැටුම, වෛද්‍ය සාෆි පිලිබඳ සිද්ධිය, තරුණයින් 11 කු පැහැරගෙන යාමේ සිද්ධිය හා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය පිලිබඳ ආදි සමාජ ආන්දෝලනයන්ට තුඩු දුන් පරික්ෂණ රැසක් විමර්ශනය කෙරුණි.

මීට ප්‍රථම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාව ගාල්ල දිසාව නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස මාරු කර යැවුණි.

ශානි පොල්ගම්පල

Similar Posts