දේශිය සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම මඟින් මෙරට සීනි අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතින බව සෙවණගල සීනි සමාගම නිවේදනය කර ඇත.

එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කැලුම් ප්‍රියංකර ලියනගේ මහතා පවසන්නේ, සීනි නිෂ්පාදනය ඉහළ දැමීම සදහා භාවිත කළ හැකි උක් ප්‍රභේද සොයාගැනීම සම්බන්ධ නිරික්ෂණ මෙම දිනවල සිදු කෙරෙමින් පවතින බවයි.

මේ අතර, ලබන වසරේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාකාරී සැලසුමක් මාස තුනක් තුළ දී සකස් කර භාර දෙන ලෙස භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක කාරක සභාව විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Similar Posts