තම සංගමයේ සාමාජිකයෙකුට අයත් ත්‍රිරෝද රථයක් කල්බදු සමාගමකින් නිදහස් කර ගැනීමට ගිය අවස්ථාවේදී එම සමාගමේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සිදුකළ පහරදීමකින් ඔහු ඝාතනයට ලක්ව තිබුණි.

සිය සංගමයේ සාමාජිකයෙකුගේ ත්‍රී රෝද රථයක් ඇඳිරි නීතිය පැවති පසුගිය මාස තුනක කාලයට අදාළව කල්බදු වාරික නොගෙවීම නිසා මෙම ලීසිං සමාගම පැහැරගෙන ගිය බවට සුනිල් ජයවර්ධන මහතාට පැමිණිල්ලක් ලැබී තිබුණි.

සාකච්ඡා අසාර්ථක වූ පසු සුනිල් ජයවර්ධන මහතා එම ස්ථානයෙන් තම සංගමයේ ලේකම්වරයා සමග පිටව ගොස් ඇත.

නැවත සවස් කාලයේදී මූල්‍ය සමාගම ඉදිරිපිටට පැමිණ තිබුණි. එම අවස්තාවේ පහරදීම සිදුව ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අට දෙනකු මිරිහාන පොලිසිය විසින් ඊයේ (11දා) අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර මෙලෙස බන්ධනාගාර කර ඇත්තේ අංගොඩ, මහරගම, හෝමාගම, බොරලැස්ගමුවේ පදිංචි සීසර්වරුන් අට දෙනෙකි.

අදාල ලීසිං ආයතනය මහ බැංකුවේ ලියාපදිංචිය ලබා නැති සමාගමක් බවද හෙළි වී ඇත.

ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වා සඳහන් කරන්නේ “අවස්ථා 03ක් පුද්ගලයෙකුට දෙනවා ගෙවීම් කරන්න. තුන්වැනි අවස්ථාවේත් ගෙවීම් පැහැර හැර තිබුණොත් ඔය කියන වාහනය අත්පත් කර ගැනීමට ලීසිං ගිවිසුම යටතේ වාහනය ගැනීමේ හැකියාන තිබෙනවා. නමුත් එය කරන ක්‍රමවේදයක් තියෙනවා. පොලිසිය හරහා එය ලබා ගැනීමට ක්‍රියා කිරීමට පුළුවන්. එහෙම නැතුව බලහත්කාරයෙන් පුද්ගලයෙකුගෙන් වාහනයක් අත්පත් කර ගැනීමට බැහැ.” යනුවෙනි.

 

 

More Stories