අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ හන්තාන කඳුවැටියේ අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු බේරාගෙන තිබේ.
ඒ යුද හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදීයි.
සිසුන් 60ක් සහ සිසුවියන් 120ක් මෙම කණ්ඩායමට අයත් අතර පැය 06ක පමණ මෙහෙයුමකින් පසුවයි මෙම පිරිස බේරා ගෙන ඇත්තේ.
පැවති අයහපත් කාලගුණය හේතුවෙන් රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසු සිසුවියන් 180 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ හන්තාන කඳුවැටියේ අතරමංව සිටියා.
අයහපත් කාලගුණය හේතුවෙන් අතරමං වූ සිසුන් සමඟ කිසිදු සන්නිවේදනයක් ස්ථාපිත කරගැනීමට නොහැකිව තිබූ අතර පසුව ඔවුන් සම්බන්ධ කර ගැනීමට හැකිව තිබුණා. ඒ අනුවයි පොලිසිය සහ යුද හමුදාව එක්ව ඔවුන් මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළේ.
බේරා ගත් පිරිස අතරින් සිසුන් හතර දෙනෙකු අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසු වූ බැවින් ඔවුන් මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.