coronaupdates

විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය අවසන් කළ හලාවත, බංගදෙණිය ප්‍රදේශයේ කාන්තාවකට කොවිඩ් -19 ආසාදනය වී තිබේ.

ඇය නිරෝධායනය අවසන් කර නිවසට පැමිණ ස්වයං නිරෝධායනයේ සිටියදී මෙසේ ආසාදිත බව හඳුනා ගෙන ඇත.

එම කාන්තාව ඩුබායි සිට පැමිණ පැමිණි කාන්තාවක අතර දින 14ක කාලයක් වවුනියාවේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන සිදු කරන ලද අයෙකි.

23 හැවිරිදි ගැබිනි කාන්තාවක් වන ඇය මේ වන විට හලාවත මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.

Similar Posts