මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන් තුල පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හැටන් කොළඹ මාර්ගයේ හා හැටන් නුවරඑළිය මාර්ගයේ තැන තැන පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් එම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් කොළඹ මාර්ගයේ වටවල, කැරලයිනා, කඩවල, දියගල, ගිනිගත්හේන යන ප්‍රදේශවල හා හැටන් නුවරඑළිය මාර්ගයේ පතන දිඹුල, ලිදුල, නානුඔය, රදැල්ල යන ප්‍රදේශවල විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බවත්ය.
මෙසේ දැඩි මීදුම් තත්වයන් පවතින විට මාර්ගය නොපෙනි යන තත්වයන් උදාවිය හැකි බවත් එම තත්වයන් පිලිබදව දැඩි අවදානය යොමු කර මෙම මාර්ගවල රථ වාහන ධාවනය කරවිමෙදි ඉතාමත් කල්පනාකාරිව තම රථ වාහන ධාවනය කරවිමට පියවර ගන්නා ලෙස සියලුම රියදුරන් ඉල්ලා සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්