langama

හැටන් ලංගම ඩිපෝව තුල පවතින රියදුරු හා කොන්දොස්තර හිගය ඌග්‍ර තත්වයට පත් විමත් සමග එම ඩිපෝවේ බස් ධාවන කටයුතු අඩාල විමේ අවදානමක් හටගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ඩිපෝවේ උසස් නිලධාරියකු පවසන ලද්දේ මෙම ඩිපෝව තුල මේ වන විට රියදුරු 25ක් හා කොන්දොස්තරවරු 27ක හිගයක් පවතින බවත්ය.
මෙම ඩිපෝව තුල බස් රථ ඇනිය 105ක් බවත් එයින් බස් රථ 93ක් දිනපතා ධාවනය කරවිමට කාල සටහන් සකස් කර තිබුනද පවතින රියදුරු හා කෙනේදොස්තර හිගය මත දිනකට ධාවනය කරවිමට හැකිවනුයේ බස් රථ 80ත් 84ත් ප්‍රමානයක් බවත්ය.
මෙම බස් රථ ප්‍රමානයද ධාවනය කරවිමට හැකිවනුයේ දැනට සේවයේ යෙදි සිටින රියදුරු කොන්දොස්තර මහත්වරුන්ගේ නිවාඩු කප්පාදු කිරිමෙන් බවත් මෙම තත්වයන් මත දිනපතා බස් රථ 10ක් 12ක් ධාවනය කරවිමට නොහැකි විමෙන් තම ඩිපෝවට ලබා ගත හැකි විශාල ආදායමක් අහිමි වන බවද ඔහු පැවසිය.
එමෙන්ම ඉදිරියේදි ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ වන බවත් පවතින මෙම රියදුරු කොන්දොස්තර හිගය මත ශ්‍රිපාද වන්දනා සමය තුලදි ශ්‍රිපාද වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා බස් රථ නිසි ලෙස යෙදවිමෙදි දැඩි ගැටළුකාරි තත්වයක් මතු විය හැකි බවද ඔහු පවසන ලදි.
මෙම ඩිපෝව තුල පවතින මෙකි රියදුරු කොන්දොස්තර හිගය පිලිබදව අදාල බලධාරින් වරින් වර දැනුවත් කර ඇති බවත් එහෙත් මේ වන තෙක් එම හිගය පියවිමට එකි බලධාරින් ක්‍රියා කර නොමැති බවත් තම ඩිපෝවට අවශ්‍ය රියදුරු කොන්දොස්තරවරුන් නිසි ලෙස ලබා දෙන්නේ නම් තම ඩිපෝවට විශාල අදායමක් දිනපතා ලබා ගැනිමට හැකි බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories