හැටන් පොලිස් කොට්ඨාශයේ නව ජේශ්ඨ පොලිස් අධිකාරි ලෙස විජිතද අල්විස් මහතා පත්ව ඇති අතර ඔහු වැඩ බාර ගැනිම හැටන් පොලිස් අධිකාරි කාර්යාලයේදි සිදු කරන ලදි.

1986 වර්ෂයේ ආධුනික උප පොලිස් පරික්ෂකවරයකු ලෙස ගිනිගත්හේන පොලිස් ස්ථානාධිපති ලෙස පත්ව ආ විජිතද අල්විස් මහතා වසර 10යක පමන කාලයක් ගිනිගත්හේන පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් ගිනිගත්හේන, හැටන් ආදි ප්‍රදේශවල ක්‍රිඩා කටයුතු නගා සිටුවිමට මෙන්ම විවිධ සමාජ සේවා කටයුතු සදහාද විශාල දායකත්වයක් දැක්වු පොලිස් නිලධාරියෙකි.

ඉන් අනතුරුව කන්තලේ, පේරාදෙණිය,වැනි විවිධ පලාත්වල සේවය කර අනුරාධපුර දිස්ත්‍රික්කයේ තබුත්තේගම ජේශ්ඨ පොලිස් අධිකාරි ලෙස සේවය කරමින් සිටින විට හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි ලෙස සේවය කල චුලනී වීරරත්න මහතා විශ්‍රාම යාමත් සමග හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි ලෙස පත්ව එන ලදි.

විජිතද අල්විස් මහතා විදේස් රටවලද වීශේෂ පුහුණු පාඨමාලාවන් කිපයක්ම හදාරා ඇති අතර ඔහු මහනුවර කිංස්වුඩ් විදුහලේ ආදි සිසුවෙකි.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු විජිතද අල්විස් මහතා පවසන ලද්දේ හැටන් පොලිස් කොඨාශයේ නිතිය සාමය ආරක්ෂා කිරිමටත් ප්‍රදේශයේ නිති ගරුක ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවන අතරම ප්‍රදේශයේ ක්‍රිඩා කටයුතු නගා සිටුවිමට මෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ විවිධ සුභ සාදක කටයුතු සදහා තමන්ට කල හැකි දෙයක් වේනම් එය ඉටු කිරිමට පියවර ගන්නා බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories