හැටන් නගරයේ ස්ථාන දෙක තුනක පවතින මර උගුල් හේතුවෙන් එම ස්ථානවලින් ගමන් ගන්නා මගින් විවිධ අනතුරුවලට ලක්විමේ අවදානකමක් හට ගෙන ඇත.
මෙම මර උගුල් පවතින ස්ථානවලට ඇද වැටිමෙන් මේ වන විට හැටන් පොලිසියේ නිලධාරියකු ඇතුළු කිප දෙනකුම තුවාල ලබා ඇති අතර මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම පිරිස ඇතුළු කිප දෙනකුම පවසනුයේ මෙම මර උගුල් හේතුවෙන් තමන් දැඩි අවදානම් තත්වයන්ට පත්ව ඇති බවත්ය.
මෙම ස්ථානවල පවතින මර උගුල් හේතුවෙන් තවත් පිරිසක් විවිධ අනතුරුවලට ලක්විමට පෙර මෙම මර උගුල් වසා දැමිමට අදාල නිලධාරින් පියවර ගත යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්