හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ජුලි මස 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය නියෝග කළා.

ඒ , තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබූ බවට වන නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදීයි.

මෙම නඩුව අද (17) කැඳවනු ලැබූ අවස්ථාවේ දී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හෝ ඇයගේ නීතිඥවරු අධිකරණය හමුවේ පෙනී සිට නැත.

මහාධිකරණ විනිසුරුවරිය එම සිතාසිය අද දින ම ක්‍රියාත්මක කරන ලෙසද නියෝග කළා.

 

Similar Posts